Microsoft සේවා ගිවිසුම වෙත කෙරෙන වෙනස්කම්වල සාරාංශය – 2024 සැප්තැම්බර් 30 වෙනිදා
අපි ඔබේ Microsoft පාරිභෝගික සබැඳි නිෂ්පාදන සහ සේවා භාවිතයට යෙදෙන Microsoft සේවා ගිවිසුම යාවත්කාලීන කරන්නෙමු. මෙම පිටුව Microsoft සේවා ගිවිසුම වෙත කෙරෙන ඉතාම සැලකිය යුතු වෙනස්කම්වල සාරාංශයක් සපයයි.
වෙනස්කම් සියල්ල දැකීමට, අපි මෙතැනින් සම්පූර්ණ Microsoft සේවා ගිවිසුම කියවීම නිර්දේශ කරමු.
- මාතෘකාව තුළ, අපි ප්‍රකාශන දිනය 2024 ජූලි 30 වෙනිදා ලෙස, සහ බල පැවැත්වෙන දිනය 2024 සැප්තැම්බර් 30 වෙනිදා ලෙස යාවත්කාලීන කළෙමු.
- නියන්ත්‍රණය සහ බලාත්මක කිරීම යන කොටස ඇතුළත, සේවා සහ සහය භාවිත කිරීම යන කොටස තුළ, අපි පරිශීලකයින්ගේ පැහැදිලිකම සහ පහසුව සඳහා අපේ බාහිර ප්‍රතිපත්ති පිටුව වෙත සබැඳියක් එක් කළෙමු.
- සේවයට නිශ්චිත නියම යන කොටස තුළ, අපි පහත සඳහන් එක් කිරීම් සහ වෙනස්කම් සිදු කළෙමු:
- Xbox කොටස තුළ, අපි Xbox නොවන තෙවන පාර්ශ වේදිකා පරිශීලකයින්ගෙන් Xbox Game Studio මාතෘකා ක්‍රීඩා කිරීමට ඔවුන්ගේ අන්තර්ගතය සහ දත්ත බෙදා ගැනීමට අවශ්‍ය කළ හැකි අතර එම තෙවන පාර්ශ්ව වේදිකා ඔවුන්ගේ නියමවලට යටත්ව ඔබේ දත්ත හඹා යාමට සහ බෙදා ගැනීමට හැකි බව පැහැදිළි කළෙමු. අපි Xbox මත දරුවන් යන උප කොටස තුළ, තෙවන පාර්ශ්ව වේදිකා මත Xbox Game Studio මාතෘකාවලට ප්‍රවේශ වූ විට පවුල් සැකසුම් විශේෂාංග නොලැබිය හැකි බව පැහැදිලි කළෙමු. සමහර Xbox සේවාවලට ඒවාටම අයත් පරිශීලන නියම සහ කාර්‍ය්‍ය සංග්‍රහ තිබිය හැකි බව පැහැදිලි කළෙමු.
- Microsoft පවුල් විශේෂාංග කොටස තුළ, අපි එම විශේෂාංග Microsoft සේවාවලට සුවිශේෂී බවත් වෙනත් වේදිකා මත නොලැබිය හැකි බවත් පැහැදිලි කළෙමු.
- Microsoft Cashback: අපි වැඩසටහන විස්තර කිරීමත් වැඩසටහනට සහභාගී වීමට Cashback නියම සහ කොන්දේසි පිළිගැනීම අවශ්‍ය බව තහවුරු කිරීමටත් Microsoft Cashback වැඩසටහන පිළිබඳ කොටසක් එක් කර ඇත.
- Microsoft Rewards කොටස තුළ, අපි Rewards උපකරණ පුවරුව මත ලකුණු ලබා ගත හැකි ආකාරය සහ ලකුණු අව්‍යාජ යහපත් විශ්වාසයේ ඇති පුද්ගලික පර්යේෂණ අරමුණු සඳහා භාවිත කෙරෙන සෙවීම් සඳහා පමණක් පිරිනමනු ලබන බව පැහැදිලි කිරීමේ පද එක් කළෙමු.
- අපි Copilot AI අත්දැකීම් සේවාවල භාවිතය පාලන කරන නියම සහ කොන්දේසි තහවුරු කිරීමට කොටසක් එක් කළෙමු.
- අපි සහයක AI, අන්තර්ගතයේ හිමිකාරත්වය, අන්තර්ගතයේ අක්තපත්‍ර, සහ තෙවන පාර්ශ්ව හිමිකම් පෑම් ගැන පැහැදිලි කිරීමට AI සේවා පිළිබඳ කොටස යාවත්කාලීන කළෙමු.
- නියම පුරා ම, අපි පැහැදිලි බව වැඩිදියුණු කිරීමට සහ ව්‍යාකරණ, අක්‍ෂර වින්‍යාසය සහ වෙනත් සමාන ගැටලුවලට කටයුතු කිරීමට වෙනස්කම් සිදු කළෙමු. අපි නම් කිරීම සහ අධිසබැඳි ද යාවත්කාලීන කළෙමු.