MICROSOFT විකුණුම්නියමයන්

2017 පෙබරවාරියේ දී යාවත්කාල කරන ලදී

Microsoft හි මාර්ගගත සහ සිල්ලර ගබඩා වෙත සාදරයෙන් පිළිගනිමු. "ගබඩාව" යනුවෙන් හැඳින්වෙන්නේ ඔබට පිරික්සීමට, බැලීමට, අත්කර ගැනීමට, මිලදී ගැනීමට සහ උපාංග, ක්‍රීඩා කොන්සෝල්, අංකිත අන්තර්ගතය, යෙදුම්, ක්‍රීඩා, සේවා, සහ තවත් දේ ශ්‍රේණිගත කිරීමට සහ සමාලෝචනය කිරීමට ඉඩදෙන අපගේ මාර්ගගත සහ සිල්ලර ස්ථානයන්ය. මෙම විකුණුම් නියමයන් ("විකුණුම් නියමයන්") Microsoft ගබඩාව, Office ගබඩාව, Xbox ගබඩාව, Windows ගබඩාව, සහ මෙම විකුණුම් නියමයන්ට සම්බන්ධ අනෙකුත් Microsoft සේවා (සාමූහිකව "ගබඩාව") භාවිතය ආවරණය කරයි. ගබඩාව ඔස්සේ බාගැනීමේ ප්‍රදේශ, මෘදුකාංගය, මෙවලම් සහ මෘදුකාංග, සේවා සහ අනෙක් වෙළඳ භාණ්ඩ (සාමූහිකව "සේවා" සහ ගබඩාව සමග, "ගබඩාව") පිළිබඳ තොරතුරු ඇතුළත්ව විවිධ සම්පත් වෙත Microsoft විසින් ප්‍රවේශය සපයයි. ගබඩාවේදී පිරිනැමෙන නිෂ්පාදන, සේවා සහ අන්තර්ගතයන්ගෙන් බොහොමයක් Microsoft හැර අනෙකුත් මූලාවයවයන් විසින් පිරිනැමෙන තෙවන-පාර්ශවීය නිෂ්පාදන වේ. ගබඩාවභාවිතාකිරීමෙන්, හෝගබඩාවෙන්නිෂ්පාදනසහසේවාමිලදීගැනීමෙන්ඔබමෙමවිකුණුම්නියමයන්, Microsoft හිරහස්‍යතාප්‍රකාශය (පහතපුද්ගලිකතොරතුරුකොටසේරහස්‍යතාවයසහආරක්ෂාවබලන්න), සහඅදාළවියහැකිනියමයන්සහකොන්දේසි, ප්‍රතිපත්තිහෝගබඩාවේදීහමුවනහෝමෙමවිකුණුම්නියමයන්හියොමුවදීඇතිවියාචනයන් (සාමූහිකව"ගබඩාප්‍රතිපත්ති") පිළිගෙනඒවාටඑකඟවන්නේය. ගබඩා ප්‍රතිපත්ති ප්‍රවේශමෙන් කියවීමට අපි ඔබව දිරිමත් කරන්නෙමු. ඔබ ගබඩා ප්‍රතිපත්තිවලට එකඟ නොවන්නේ නම් ඔබ ගබඩාව හෝ සේවා භාවිතා නොකළ යුතුය.

අපට ඔබගේ රටෙහි හෝ කලාපයේ පිහිටි Microsoft සිල්ලර ගබඩාවක් පිහිටා තිබේ නම්, එයට වෙනස් හෝ අතිරේක ප්‍රතිපත්තීන් තිබෙනු ඇත. Microsoft විසින් ඕනෑම ප්‍රතිපත්තියක් දැනුම් දීමෙන් තොරව ඕනෑම වේලාවක යාවත්කාලීන හෝ සංශෝධනය කළ හැකිය.

ඔබගබඩාවභාවිතාකිරිමටඅදාලනියමයන්

1. සාමාජික ගිණුම. ගබඩාව විසින් ගිණුමක් විවෘත කිරීමට ඔබෙන් ඉල්ලා සිටී නම්, ඔබ අදාල ලියාපදිංචි කිරීමේ පෝරමය මගින් ඉල්ලා සිටින වර්තමාන, සම්පූර්ණ සහ නිවැරදි තොරතුරු අපට සපයමින් ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය සම්පූර්ණ කළ යුතුය. ගිණුම විවෘත කිරීමේ කොන්දේසියක් ලෙස සේවා ගිවිසුමක් හෝ වෙනම භාවිත නියමයන් පිළිගන්නා ලෙසද ඔබෙන් ඉල්ලා සිටිනු ඇත. ගබඩාවට ඇතුල්වීමට ඔබ විසින් ගිණුම භාවිතා කිරීම සහ ඔබ විසින් ගබඩාවෙන් ලබාගෙන ඇති අන්තර්ගතය Microsoft ගිණුම පාලනය කරන සියලු නියමයන්ට ලක්වේ. වැඩිදුර තොරතුරු සඳහා, කරුණාකර Microsoft සේවා ගිවිසුම බලන්න. ඔබ ඔබගේ ගිණුම් තොරතුරු සහ මුරපදය රහසිගතව තබාගැනීමට වගකිව යුතු අතර ඔබගේ ගිණුම යටතේ සිදුවන සියලු ක්‍රියාකාරකම් සඳහා වගකිව යුතුය.

2. නීති විරෝධී හෝ තහනම් කළ භාවිතයක් නැත. ඔබගේ ගබඩාව සහ සේවා භාවිතය පිළිබඳ කොන්දේසියක් ලෙස, නිති විරෝධී හෝ මෙම විකුණුම් නියමයන්, ගබඩා ප්‍රතිපත්ති, හෝ ඔබ විසින් ගබඩාව භාවිතයට අදාලවන වෙනත් ඕනෑම නියමයක් මගින් තහනම් කර ඇති කිසිඳු කටයුත්තකට ගබඩාව භාවිතා නොකරන බවට ඔබ අපට සහතික වන්නේය. කිසිඳු Microsoft සේවාදායකයක්, හෝ කිසිඳු Microsoft සේවාදායකයකට සම්බන්ධිත ජාල(ය)කට හානි කළ හැකි, අබල කළ හැකි, අධික බර පැටවිය හැකිහෝ වෙනත් ඕනෑම පාර්ශවයක ගබඩාව භාවිතය හෝ ආශ්වාදයට බාධා විය හැකි කිසිඳු ආකාරයකින් ඔබ විසින් ගබඩාව භාවිතා නොකළ යුතුය. ගබඩාව, අනෙක් ගිණුම්, පරිගණක පද්ධති හෝ Microsoft සේවාදායකය හෝ ගබඩාව වෙත සම්බන්ධිත ජාල වෙත හැක් කිරීම, මුරපදය සොරකම් කිරීම හෝ වෙනත් ඕනෑම ආකාරයකින් අනවසර ප්‍රවේශය ලබාගැනීමට ඔබ උත්සාහ නොකළ යුතුය. ගබඩාව මගින් චේතනිකව ලබාගැනීමට අවස්ථාව සලසා නැති ඕනෑම ආකාරයකින් කිසිඳු අමුද්‍රව්‍යයක් හෝ තොරතුරක් ලබාගැනීමට හෝ ලබාගැනීමට උත්සාහ කිරීම ඔබ විසින් නොකළ යුතුය. Microsoft ඇතුළුව, පුද්ගලයෙකු හෝ ආයතනයකට චේතනාන්විතව හානි කිරීම ඇතුළුව, තෙවන පාර්ශවයන්ගේ අයිතීන් උල්ලංඝනය කරන ආකාරයකින් ඔබ විසින් ගබඩාව භාවිතා නොකළ යුතුය. ගබඩාවෙන් ලබාගත් නිෂ්පාදන, තොරතුරු හෝ සේවා කිසිවක් වානිජව බෙදාහැරීම, ප්‍රසිද්ධ කිරීම, බලපත්‍ර ලබාදීම, හෝ විකිණීම නොකළ යුතුය.

3. ඔබ Microsoft වෙත ලබාදෙන හෝ ගබඩාවේ පලකරන දේ. ඔබ Microsoft වෙත සපයන (ප්‍රතිපෝෂණය, ඇගයීම්, සමාලෝචන සහ යෝජනා ඇතුළුව) හෝ ගබඩාව හෝ සම්බන්ධිත Microsoft සේවා වෙත අන් අය විසින් සමාලෝචනය කිරීමට පළකරන, උඩුගත කරන, ආදානය කරන හෝ ඉදිරිපත් කරන (එක් "ඉදිරිපත් කිරීමක්" සහ සාමූහිකව "ඉදිරිපත් කිරීම්") අමුද්‍රව්‍යවල හිමිකාරීත්වයට Microsoft විසින් හිමිකම් නොකියයි. කෙසේ වුවත්, ඔබ Microsoft වෙත ඔබගේ නම ඇතුළුව, ඔබගේ ඉදිරිපත් කිරීම ඕනෑම මාධ්‍යයකින් භාවිතා කිරීමට, නවීකරණය කිරීමට, අනුවර්තනය කිරීමට, ප්‍රතිනිෂ්පාදනයට, එයින් ව්‍යුත්පන්න නිෂ්පාදනය කිරීමට, පරිවර්තනය කිරීමට, සංස්කරණය කිරීමට, අභිවහනය කිරීමට, බෙදාහැරීමට, සහ සංදර්ශනය කිරීමට කතෘ-භාගය රහිත, සදාකාලික, අවලංගු කළ නොහැකි, සාර්වභෞමික, අනන්‍ය-නොවන සහ උප බලපත්‍ර ලබාදිය හැකි අයිතියකට බලය ලබා දේ. සබැඳිව පුළුල්ව සීමා කිරීම් රහිතව ලද හැකි ගබඩා ප්‍රදේශවල ඔබගේ ඉදිරිපත් කිරීම් පළ කරන්නේ නම්, ඔබගේ ඉදිරිපත් කිරීම ආදර්ශනයන්හි හෝ ගබඩාව සහ/හෝ නිෂ්පාදන, සේවා සහ ගබඩාවේ පිරිනමා ඇති අන්තර්ගතය ප්‍රවර්ධනය කරන අමුද්‍රව්‍යවල දර්ශනය වනු ඇත. ඔබ සපයන ඕනෑම ඉදිරිපත් කිරීමක් සිදු කිරීමට සහ මෙම අයිතීන් Microsoft වෙත බලපත්‍ර දානය කිරීමට අවශ්‍ය සියලු අයිතීන් ඔබට ඇති (සහ තිබෙනු ඇති) බවට ඔබ සහතික කරයි සහ නියෝජනය කරයි.

ඔබගේ ඉදිරිපත් කිරීම භාවිතය සම්බන්ධව හානි පූරණයක් නොගෙවනු ඇත. කිසිඳු ඉදිරිපත් කිරීමක් පළ කිරීමට හෝ භාවිතා කිරීමට Microsoft කිසිඳු බැඳියාවකට යටත් නැති අතර Microsoft ඕනෑම වේලාවක එහි පරම අභිමතියෙන් ඕනෑම ඉදිරිපත් කිරීමක් ඉවත් කරනු ඇත. ඔබගේ ඉදිරිපත් කිරීම් හෝ අනෙක් අය ගබඩාව භාවිතයෙන් පළ කරන, උඩුගත කරන, ආදානය හෝ ඉදිරිපත් කරන අමුද්‍රව්‍ය සඳහා Microsoft වගකීමක් නොගන්නා අතර බැඳියාවක් නොදරයි.

ඔබ ගබඩාවේ තිබෙන යෙදුමක් ශ්‍රේණිගත කිරීම හෝ සමාලෝචනය කිරීම කරන්නේ නම්, යෙදුමේ ප්‍රකාශක වෙතින් වන තොරතුරු ඇතුළත් ඊමේල් පණිවුඩයක් Microsoft වෙතින් ඔබට ලැබෙනු ඇත.

4. තෙවන-පාර්ශවීය වෙබ් අඩවි සඳහා සබැඳි. ගබඩාවෙහි ඔබට ගබඩාව හැර යාමට ඉඩ දෙන තෙවන-පාර්ශවීය වෙබ් අඩවි වෙත සබැඳි අන්තර්ගත විය හැක. මෙම සබැඳි අඩවි Microsoft හි පාලනය යටතේ නොමැති අතර කිසිඳු සබැඳි අඩවියක අන්තර්ගතය හෝ සබැඳි අඩවියක ඇති කිසිඳු සබැඳියක් සඳහා Microsoft වගකියනු නොලැබේ. Microsoft ඔබට මෙම සබැඳි සපයන්නේ පහසුවක් ලෙස පමණක් වන අතර, කිසිඳු සබැඳියක අන්තර්ගතය අඩවියේ Microsoft විසින් පැවරුම අදහස් නොකරයි. තෙවන-පාර්ශවීය වෙබ් අඩවියේ ඔබගේ භාවිතය එම තෙවන-පාර්ශවයේ නියමයන් හා කොන්දේසිවලට යටත් වේ.

ඔබටනිෂ්පාදනසහසේවාවිකිණීමටඅදාලනියමයන්

5. භූගෝලීය ලද හැකියාව. ඔබගේ කලාපය හෝ උපාංගය අනුව ලද හැකි නිෂ්පාදන සහ සේවාවන් වෙනස් විය හැකිය. අතිරේකව, අපගේ ප්‍රවාහන ගත කරණ ප්‍රතිපත්තිවල දක්වා ඇති ලෙස අපට නිෂ්පාදන නැව්ගත කළ හැක්කේ කොහේටද යන්නට සීමා තිබිය හැක. ඔබගේ මිලදී ගැනීම සම්පූර්ණ කිරිමට, ඔබට ඔබ මිලදී ගන්නා ගබඩාවේ රට හෝ කලාපය තුල වලංගු බිල්පත්කරණ හා ප්‍රවාහන ගත කරන ලිපිනයක් තිබීම අපේක්ෂා කළ හැකිය.

6. අවසන් පරිශීලකයන් පමණි. ගබඩාවෙන් නිෂ්පාදන සහ සේවා මිලදී ගැනීමට ඔබ අවසන් පරිශීලකයෙක් විය යුතුය. මිලදී ගැනීම සඳහා නැවත විකුණුම්කරුවන් සුදුසුකම් නොලබයි.

7. අපනයන සීමා කිරීම්. ගබඩාවෙන් මිලදී ගත් නිෂ්පාදන සහ සේවාවන් රේගු සහ අපනයන පාලන නීති රෙගුලාසිවලට ලක් විය හැක. අදාල අන්තර්ජාතික සහ දේශීය නීති සහ රෙගුලාසි සමඟ අනුකූලවීමට ඔබ එකඟ වේ.

8. බිල්පත්කරණය. Microsoft හට ගෙවීමේ ක්‍රමයක් සැපයීමෙන්, ඔබ: (i) ඔබ සැපයූ ගෙවීම් ක්‍රමය භාවිතා කිරීමට ඔබට බලය ලබාදී ඇති බව සහ ඔබ සපයන ඕනෑම ගෙවීම් තොරතුරක් සත්‍ය සහ නිවැරදි බව නියෝජනය කරයි; (ii) ඔබගේ ගෙවීම් ක්‍රමය භාවිතා කරමින් මිලදී ගත් නිෂ්පාදන, සේවා හෝ ලද හැකි අන්තර්ගතයන් කිසිවක් සඳහා ඔබෙන් අය කිරීමට Microsoft හට බලය ලබා දේ; සහ (iii) ඔබ ඇතුල්වීමට හෝ භාවිතා කිරීමට තෝරාගන්නා ගබඩාවේ ඕනෑම ගෙවූ විශේෂාංගයක් සඳහා ඔබෙන් අය කිරීමට Microsoft හට බලය ලබා දේ. ඔබ ඔබගේ ඊමේල් ලිපිනය සහ ක්‍රෙඩිට් කාඩ්පත් අංක සහ කල් ඉකුත්වන දින ඇතුළු ඔබගේ ගිණුම් සහ අනෙකුත් තොරතුරු විගසින් යාවත්කාල කිරීමට එකඟ වේ, එවිට අපට ඔබගේ ගණුදෙනු සම්පූර්ණ කිරීමට සහ ඔබගේ ගණුදෙනු සම්බන්ධයෙන් අවශ්‍ය විට ඔබව ඇමතීමට හැකිය. අපි ඔබට දායකත්ව සඳහා (a) කලින්ම; (b) මිලදී ගන්නා අවස්ථාවේ; (c) මිලදී ගැනීමෙන් කෙටි වෙලාවකට පසු; හෝ (d) පුනරාවර්තන පදනම මත බිල්පත්කරණය කළ හැකිය. එමෙන්ම, ඔබට අනුමැතිය දී ඇති ප්‍රමාණය දක්වා ඔබෙන් අයකළ හැකි අතර, පුනරාවර්තන දායකත්ව සඳහා අයකෙරෙන ගණනෙහි කිසියම් වෙනසක් වෙතොත් කලින් සහ ඔබගේ දායකත්වයේ නියමයන්ට අනුව ඔබට දැනුම් දෙමු. කලින් සැකසුම් කර නොමැති නොමැති ගණන් සඳහා ඔබගේ පෙර බිල්පත්කරණ කාල පරිච්ඡේද වලින් එකකට වැඩි ගණනක් සඳහා අපි ඔබට බිල්පත්කරණය කළ හැකිය. පහත ස්වයංක්‍රීය යළි අලුත් කිරීම බලන්න.

ඔබ යම් අත්හදා බැලීමේ-කාලයක් පිරිනැමීමකට සහභාගි වන්නේ නම්, වෙනත් ආකාරයකින් අපි ඔබට දැනුම් නොදුනහොත් නව ගාස්තු අයකිරීමෙන් වැලකීමට ඔබ අත්හදා බැලීමේ කාලය අවසන් වන විට සේවාව අවලංගු කළ යුතුය. අත්හදා බැලීමේ කාලය අවසානයේදී ඔබ සේවාව අවලංගු නොකරන්නේ නම්, නිෂ්පාදනය හෝ සේවාව සඳහා ඔබගේ ගෙවීම් ක්‍රමයෙන් අය කිරීමට ඔබ අපට අනුමැතිය ලබා දෙන්නේය.

9. ගෙවීම් පුනරාවර්තනය. ඔබ දායකත්ව පදනම (උදා., සතිපතා, මාස්පතා, සෑම මාස 3කටම වරක්, හෝ වාර්ෂිකව (අදාල වන පරිදි)) මත නිෂ්පාදන, සේවා හෝ අන්තර්ගතය මිලදී ගන්නා විට, ඔබ පුනරාවර්තන ගෙවීම් සඳහා අනුමැතිය දෙන බවට, සහ ඔබ හෝ Microsoft විසින් හෝ වෙනත් ආකාරයකින් එහි නියමයන්ට අනුව දායකත්වය අවසන් කරන තෙක් ඔබ විසින් තෝරාගත් පුනරාවර්තන කාල අන්තරයන්හිදී ඔබ විසින් තෝරාගත් ආකාරයෙන් Microsoft වෙත ගෙවීම් සිදුකළ යුතු බවට ඔබ දැනුවත් වේ සහ එකඟ වේ. පුනරාවර්තන ගෙවීම්වලට අනුමැතිය දීමෙන්, එවැනි ගෙවීම් විද්‍යුත් හර කිරීම් හෝ අරමුදල් ගනුදෙනු, හෝ ඔබගේ නම්කළ ගිණුමෙන් විද්‍යුත් කෙටුම්පත් ලෙස (Automated Clearing House හෝ සමාන ගෙවීම් ලෙස), හෝ ඔබගේ නම්කළ ගිණුමෙන් අයකිරීම් ලෙස (ක්‍රෙඩිට් කාඩ්පත් හෝ සමාන ගෙවීම් සම්බන්ධයෙන්) (සාමූහිකව, "විද්‍යුත් ගෙවීම්") සැකසුම් කිරීමට, හෝ ඔබ Microsoft හට අනුමැතිය ලබා දේ. දායකත්ව ගාස්තු සාමාන්‍යයෙන් අදාල දායකත්ව කාල සීමාවට පෙර බිල්පත්කරණය හෝ අයකිරීම කෙරෙනු ඇත. යම් ගෙවීමක් නොගෙවා ආපසු යවන ලදහොත් හෝ ක්‍රෙඩිට් කාඩ්පතක් හෝ සමාන ගනුදෙනුවක් ප්‍රතික්ෂේප හෝ තහනම් කළහොත්, අදාල නීතිය මගින් ඉඩ දී ඇති පරිදි වෙනත් අදාල අයිතමය ආපසු ගැනීමක්, ප්‍රතික්ෂේප කිරීමක් හෝ වෙනත් ගාස්තු එකතු කර ගැනීමේ අයිතිය Microsoft හෝ එහි සේවා සම්පාදකයන් විසින් රඳවා ගනී.

10. නිෂ්පාදනය ලද හැකියාව සහ ප්‍රමාණය සහ ඇනවුම් සීමා. නිෂ්පාදනයේ මිළ ගණන් සහ ලද හැකියාව ඕනෑම අවස්ථාවක දැනුම්දීමකින් තොරව වෙනස්වීමට ලක්විය හැකිය. ඇනවුමකට, ගිණුමකට, ක්‍රෙඩිට් කාඩ් පතකට, පුද්ගලයෙකුට, හෝ ගෘහස්ථයකට මිලදී ගනු ඇති ප්‍රමාණයන්ට Microsoft විසින් සීමාවක් පනවනු ඇත. ඔබ ඇනවුම් කළ නිෂ්පාදන හෝ සේවා ලද නොහැකි නම්, ඔබට විකල්ප නිෂ්පාදනයක් පිරිනැමීමට අප ඔබව අමතනු ඇත. ඔබ විකල්ප නිෂ්පාදනය මිලදී ගැනීමට තෝරා නොගන්නේ නම්, අපි ඔබගේ ඇනවුම අවලංගු කරමු.

ඔබ විසින් ඇනවුම කරන කාලයේදී විශේෂිතව දක්වා ඇති කොන්දේසි සම්පූර්ණ කර නොමැති නම්, ඔබගේ ගෙවීම සැකසීමේ කළ නොහැකි නම්, ඇනවුම් කළ නිෂ්පාදන හෝ සේවා ලද නොහැකි නම්, හෝ මිල කිරීමේ හෝ අනෙකුත් දෝෂ ඇතුළුව නමුත් ඒවාට සීමා නොවන හේතු මත Microsoft විසින් ඇනවුම සඳහා ඔබ ගෙවා ඇති ඕනෑම මුදලක් ආපසු ගෙවා ඕනෑම අවස්ථාවක ඕනෑම ඇනවුමක් ඉවත දැමීම හෝ ප්‍රතික්‍ෂේප කිරීම කළ හැකිය. මිල කිරීමේ හෝ අනෙකුත් දෝෂ ඇතිවූ විට, අපගේ අභිමතය යටතේ (a) ඔබගේ ඇනවුම හෝ මිලදී ගැනීම අවලංගු කිරීමට හෝ (b) උපදෙස් සඳහා ඔබව ඇමතිමට ඇති අයිතිය අපි රඳවා ගන්නෙමු. අවලංගු කිරීමේදී, ආශ්‍රිත අන්තර්ගතය සඳහා ඔබගේ ප්‍රවේශය අක්‍රීය කෙරෙනු ඇත.

කිසියම් හේතුවකට ඔබගේ ගිණුම හා ආශ්‍රිත අන්තර්ගතය වෙත ප්‍රවේශය අපි අක්‍රීය කළ හැකිය. ගබඩාව හෝ බලපෑ පාර්ශවයන් වියහැකි ඒවා ආරක්ෂා කිරීමට ඔබගේ උපාංගයේ ඇති ක්‍රීඩා, යෙදුම්, අන්තර්ගතය, හෝ සේවාද අපි ඉවත් කිරීම හෝ අක්‍රීය කිරීම කළ හැකිය. සමහර අන්තර්ගතය සහ යෙදුම් කලින් කලට ලද නොහැකි වනු ඇත හෝ සීමිත කාලයකට පිරිනැමෙනු විය හැකිය. කලාපය අනුව ලද හැකියාවට බලපෑ හැකිය. එසේ වුවත්, ඔබ ඔබගේ ගිණුම හෝ උපාංගය වෙනත් කලාපයකට වෙනස් කරන්නේ නම්, ඔබට අන්තර්ගතය හෝ යෙදුම් නැවත බාගැනීමට හෝ ඔබ මිලදී ගත් සමහර අන්තර්ගතය නැවත-ප්‍රවාහ කිරීමට නොහැකි වනු ඇත; ඔබ ඔබගේ පෙර කලාපයේදී ගෙවූ අන්තර්ගතයන් හෝ යෙදුම් නැවත මිලදී ගැනීමට ඔබට අවශය වනු ඇත. අදාල නිතිය මගින් ඉල්ලා සිටින ප්‍රමාණයට හැර, ඔබ මිලදී ගත් අන්තර්ගතය හෝ යෙදුම් නැවත බාගැනීමට හෝ ප්‍රතිස්ථාපනය සැපයීමට අපට බැඳියාවක් නැත.

11. යාවත්කාල. අදාල වන්නේ නම්, ඔබ ගබඩාවට ඇතුළුවී නැතිවිට පවා Microsoft විසින් ඔබගේ යෙදුම් වලට යාවත්කාලීන සොයා බා ගනී. ඔබ ගබඩා යෙදුම වෙත ස්වයංක්‍රීය යාවත්කාලීන නොලැබීමට කැමති නම් ඔබට ඔබගේ පසුතල වෙනස් කල හැකිය. කෙසේවෙතත්, සම්පූර්ණයෙන් හෝ පාර්ශ්විකව හෝ මාර්ගගතව සත්කාර ලබන නිශ්චිත Office ගබඩා යෙදුම් කවර අවස්ථාවක හෝ යෙදුම් සංවර්ධක විසින් යාවත්කාල කළ හැකි වන අතර යාවත්කාල කිරීම සඳහා ඔබගේ අවසරය අවශ්‍ය නොවනවා ඇත.

12. මෘදුකාංග බලපත්‍ර හා භාවිත අයිතීන්. ගබඩාව මගින් ලද හැකි කර ඇති මෘදුකාංග හා අනෙක් ඩිජිටල් අන්තර්ගතය ඔබට බලපත්‍ර දී ඇත, විකුණා නොමැත. යෙදුම සමඟ වෙනස් බලපත්‍ර නියමයන් සපයා නොමැතිනම් ගබඩාවෙන් සෘජුව බාගත් යෙදුම් [https://go.microsoft.com/fwlink/p/?linkid=838610&clcid=0x045b] හි ලද හැකි සම්මත යෙදුම් බලපත්‍ර නියමයන්ට ("SALT") ලක්වේ. (Office ගබඩාවෙන් බාගත් යෙදුම් SALT විසින් පාලනය නොකෙරෙන අතර වෙනම බලපත්‍ර නියමයන් දරයි.) ගබඩාවෙන් ලබාගත් යෙදුම්, ක්‍රීඩා සහ අනෙකුත් ඩිජිටල් අන්තර්ගතය https://go.microsoft.com/fwlink/p/?LinkId=723143හි ඇති භාවිත නීති වලට ලක්වේ. මෙම ඩිජිටල් භාණ්ඩවලට අදාලව ඔබගේ අයිතීන් මෙම විකුණුම් නියමයන්, කතු හිමිකම් නිතිය සහ ඉහත යොමුව දක්වා ඇති භාවිත නීති මගින් සීමාකර ඇති බව ඔබ පිළිගනී සහ වටහා ගනී. Microsoft සිල්ලර ගබඩාවේදී මිලදීගත් මෘදුකාංග බලපත්‍ර මෘදුකාංගය සමඟ එක්ව පවතින බලපත්‍ර ගිවිසුමට ලක්වන අතර ඔබ මෘදුකාංගය ස්ථාපනය කරන විට බලපත්‍ර ගිවිසුමට එකඟ වන ලෙස ඔබෙන් ඉල්ලා සිටිනු ඇත. අදාල බලපත්‍ර නියම, භාවිත නීති, සහ අදාල නීතිවලට අනුකූල නොවන කිසිඳු මෘදුකාංග යළි නිෂ්පාදනයක් හෝ යළි බෙදාහැරීමක් හෝ විකිණිමක් ප්‍රකාශිතව තහනම් කෙරෙන අතර දැඩි සිවිල් හා අපරාධ දණ්ඩනයන් ප්‍රතිඵලය කරනු ඇත. උල්ලංඝනය කරන්නන්ට නීතියේ උපරිම ප්‍රමාණයට නඩු පැවරීමේ අවදානමක් ඇත.

ඔබ කිසිදු මෘදුකාංග ඇසුරුම්කරණයක් විවෘත කිරීමට පෙර, කොටුගත කළ මාදුකාංගය සඳහා අදාල බලපත්‍ර ගිවිසුම් පිටපතක් ගාස්තුවක් නොමැතිව ලැබීමට ඔබ කැමති නම්, කරුණාකර MICROSOFT සිල්ලර ගබඩාව (පහත දැනුම්දීම් සහ සන්නිවේදන කොටසේ විස්තර කර ඇති පරිදි) අමතන්න.

අනෙකුත් නියමයන් සහ කොන්දේසි. මෘදුකාංග සහ අනෙකුත් බාගත හැකි නිෂ්පාදනවලට අමතරව, වෙනමම අවසන් පරිශීලක ගිවිසුම්, භාවිත නියම, සේවා නියම හෝ අනෙක් නියමයන් සහ කොන්දේසිවලට යටත්ව ගබඩාවෙන් මිලදී ගැනීමට හෝ අත්හදා බැලීමට ලද හැකි අනෙක් නිෂ්පාදන සහ සේවාද ඔබට පිරිනැමෙනු ඇත. ඔබ එම නිෂ්පාදන මිලදී ගන්නේ නම් හෝ භාවිතා කරන්නේ නම්, මිලදී ගැනීමේ, ස්ථාපනයේ, හෝ භාවිතයේ කොන්දේසියක් ලෙස එම නියමයන් පිළිගැනීමටද ඔබෙන් ඉල්ලා සිටිනු ඇත.

ඔබගේ පහසුව සඳහා, ගබඩාවේ හෝ සේවාවල කොටසක් ලෙස හෝ එහි මෘදුකාංගයේ හෝ වෙළඳ භාණ්ඩයේ කොටසක් ලෙස විකුණූ නිෂ්පාදනයේ හෝ සේවාවේ කොටසක් නොවන මෙවලම් උපයෝගිතා භාවිතා කිරීමට සහ/හෝ බා ගැනීමට MICROSOFT විසින් ලද හැකි සේ සපයනු ඇත. අදාල නීතිය මගින් අවසර දී ඇති ප්‍රමාණයට, MICROSOFT විසින් ප්‍රතිඵලවල නිරවද්‍යතාව හෝ එවැනි මෙවලම් හෝ උපයෝගිතාවලින් ප්‍රතිදානය සම්බන්ධයෙන් කිසිඳු නියෝජනය කිරීමක්, වගකීම් හෝ රක්ෂණ නොකෙරෙනු ඇත.

ගබඩාව ඔස්සේ, හෝ මෘදුකාංගයේ හෝ වෙළඳ භාණ්ඩයේ ලද හැකි කර ඇති මෙවලම් සහ උපයෝගිතා භාවිතා කිරීමේදී කරුණාකර අනෙක් අයගේ බුද්ධිමය දේපල අයිතීන්ට ගරු කරන්න.

13. මෘදුකාංගය සඳහා කේත සහ අන්තර්ගතය බාගැනීම. ඔබගේ මිලදී ගැනීමට සබැඳි ඔබගේ Microsoft ගිණුමේ බාගැනීමේ සබැඳියක් සැකසීමෙන් සමහර මෘදුකාංග සහ අන්තර්ගතය ඔබට බාරදෙනු ලැබේ. පහත ඡේදයට අනුව, සාමාන්‍යයෙන් අපි මිලදී ගැනීමේ දින සිට වසර 3 ක් බාගැනීමේ සබැඳිය සහ ඔබගේ Microsoft ගිණුමෙන් මෙම මිලදී ගැනීම් සඳහා අදාල ඩිජිටල් යතුර ගබඩා කරගන්නෙමු, නමුත් විශේෂිත කාලයක් තුළ ඒවා ගබඩා කර ගැනීමට පොරොන්දු නොවෙමු. බාගැනීමේ සබැඳියක් සැපයීමෙන් ලබාදුන් දායකත්ව නිෂ්පාදන සඳහා, ඔබගේ දායකත්වය අවස්ථාවේදී ඔබට සමාලෝචනය කිරීමට සහ එකඟ වීමට හැකි වෙනස් නියමයන් සහ ගබඩාකරන අයිතීන් අදාල විය හැක.

අපට ඕනෑම වේලාවක අපගේ ඩිජිටල් යතුර ගබඩාකරන වැඩසටහන අවලංගු කිරීමට හෝ නවීකරණය කිරීමට හැකි බවට ඔබ එකඟ වන්නේය. ඕනෑම අවස්ථාවක උදාහරණයක් ලෙස, ඔබට බාගැනීමේ සබැඳිය හෝ ඩිජිටල් යතුරට තවදුරටත් ප්‍රවේශය නොලැබෙන නිෂ්පාදනය සහය වන ජීවන කාලය අවසානයේදී ඇතුළුව, ඕනෑම හේතුවක් සඳහා අපි නිෂ්පාදන එකක් හෝ වැඩි ගණනක් සඳහා යතුරු ගබඩාකරනය නැවැත්විය හැකි බවටද ඔබ එකඟ වන්නේය. ඔබට ඔබගේ ගිණුමෙහි ඇති බාගැනීමේ සබැඳියට හෝ ඩිජිටල් යතුර(යතුරු) වලට අපි අපගේ වැඩසටහන අවලංගු හෝ නවීකරණය කරන්නේ නම්, අපි අදාල Microsoft ගිණුමට අදාල සබඳතා තොරතුරු භාවිතයෙන් අවම වශයෙන් දින 90කට වත් පෙර දැනුම්දීමක් සපයන්නෙමු.

14. මිලකරණය. ඔබගේ රටෙහි හෝ කලාපයෙහි අප සතුව Microsoft සිල්ලර ගබඩාවක් තිබේ නම්, මිල ගණන්, නිෂ්පාදන තෝරාගැනීම සහ එහි පිරිනැමෙන ප්‍රවර්ධන සබැඳි ගබඩාවේ ඒවාට වඩා වෙනස් විය හැක. අදාල නිතිය මගින් අවසර දෙන ප්‍රමාණයට, සබැඳිව පිරිනැමෙන මිලක්, නිෂ්පාදනයක් හෝ ප්‍රවර්ධනයක් Microsoft සිල්ලර ගබඩාවක දී පිළිගැනෙන බවට හෝ එයම අනෙක් අතට සිදුවන බවට Microsoft වග නොකියයි.

ගබඩාව සතුව මිල සැසඳීමේ වගකීමක් නැත. අපි සමාන අයිතම සඳහා අනෙක් සිල්ලර වෙළඳුන් පිරිනමන වෙළඳ ප්‍රචාරණය කළ මිල සැසඳීම නොකරමු.

අපි සමහර නිෂ්පාදන ඒවායේ ලද හැකි දිනට පෙර පූර්ව-ඇනවුම් කිරීමට විකල්පයක් සැපයිය හැක. අපගේ පූර්ව-ඇනවුම් ප්‍රතිපත්ති පිළිබඳ දැනගැනීමට, කරුණාකර අපගේ පූර්ව-ඇනවුම් පිටුව බලන්න https://go.microsoft.com/fwlink/p/?linkid=834935&clcid=0x045b.

වෙනත් ආකාරයකින් ප්‍රකාශ කර නැතිනම්, ගබඩාවේ පෙන්වා ඇති මිල ගණන්වලට මිලදී ගැනීමට අදාළ විය හැකි බදු හෝ අයකිරීම් ("බදු") ඇතුළත් නොවේ. ගබඩාවේ පෙන්වා ඇති මිල ගණන්වලට බෙදාහැරීමේ ගාස්තුද ඇතුළත් නොවේ. බදු සහ බෙදාහැරීමේ ගාස්තු (අදාල පරිදි) ඔබගේ මිලදී ගැනීමේ ගණනට ඇතුළත් කෙරෙනු ඇති අතර පිටතට ගැනීමේ පිටුවේ දැක්වෙනු ඇත. එවැනි බදු සහ ගාස්තු ගෙවීමට ඔබ හුදෙක්ම වගකිව යුතු වේ.

ඔබගේ පිහිටීම මත පදනම්ව, සමහර ගනුදෙනු සඳහා විදේශ විනිමය පරිවර්තනය හෝ වෙනත් රටක දී ක්‍රියාවලි ගත කිරීම අවශ්‍ය කෙරෙනු ඇත. ඔබ බැර හෝ හර කාඩ්පතක් භාවිතා කරන විට එම සේවාවන් සඳහා ඔබගේ බැංකුව විසින් ඔබගෙන් අතිරේක ගාස්තු අය කරනු විය හැකිය. විස්තර සඳහා කරුණාකර ඔබගේ බැංකුව අමතන්න.

15. ස්වයංක්‍රීය අලුත් කිරීමේ කොටස. ඔබගේ රටෙහි, කලාපයෙහි, පළාතේ/දේශයේ, හෝ ප්‍රාන්තයේ ස්වයංක්‍රීය අලුත් කිරීම්වලට ඉඩදී ඇති විට, ඔබට ස්ථිර සේවා කාල පරිච්ඡේදයක අවසානයේදී ස්වයංක්‍රීයව අලුත් කිරීමට නිෂ්පාදන හෝ සේවා තෝරාගත හැකිය. ඔබ පහත විස්තර කර ඇති පරිදි නිෂ්පාදනය හෝ සේවාව අවලංගු කිරීමට තෝරාගෙන නොමැති නම්, ඔබ ඔබගේ නිෂ්පාදන හෝ සේවා ස්වයංක්‍රීයව අලුත් කිරිමට තෝරාගත්තේ නම්, අපි නිෂ්පාදනය හෝ සේවාව වර්තමාන සේවා කාල පරිච්ඡේදය අවසානයේ ස්වයංක්‍රීයව අලුත් කර අලුත් කිරීමේ නියමයට එවකට පවතින මිල ඔබෙන් අය කරමු. එය අලුත් කිරීමේ දිනට ගොනුවේ ඇත්නම් හෝ පසුව සපයා ඇති නම්, අලුත් කිරීම සඳහා අපි ඔබගේ තෝරාගත් ගෙවීමේ ක්‍රමයට බිල්පත් කරන්නෙමු. අලුත් කිරීමේ දිනට පෙර ඔබට නිෂ්පාදන හෝ සේවා අවලංගු කළ හැකිය. අලුත් කිරීම සඳහා බිල්පත් කරනු ලැබීම වැළැක්වීමට ඔබ අලුත් කිරීමේ දිනට පෙර අවලංගු කළ යුතුය.

16. ආපසු භාර ගැනීමේ ප්‍රතිපත්තිය. අපි මිලදීගත් හෝ බාගත් දින සිට දින 14 ක් ආපසු භාර දීම් සහ සුදුසුකම් ලත් භාණ්ඩ සඳහා හුවමාරු අදාළ පරිදි පිළිගනිමු. හුදෙක් සුදුසුකම් ලත් නිෂ්පාදනය නව තත්වයෙන් සහ එහි මුල් ඇසුරුමෙහි, සියලු කොටස්, උපාංග, උපදෙස් අත්පොත සහ මුලින් ඇතුළත්ව තිබූ ලිපි ලේඛන ආපසු බාර දෙන්න. මෙම ආපසු බාරදීමේ ප්‍රතිපත්තිය මිලදී ගැනීමට අදාළ විය හැකි ව්‍යවස්ථාපිත අයිතීන් කිසිවකට බලනොපායි.

ඇසුරුම් කළ මෘදුකාංග සහ ක්‍රීඩා එහි මුද්‍රාව පළුදු නොවී ආපසු බාරදිය යුතු අතර සියලු මාධ්‍ය සහ නිෂ්පාදන යතුරු අන්තර්ගත විය යුතුය. සීමිත ව්‍යතිරේකයක් ලෙස, ඔබ බලපත්‍ර ගිවිසුම සමඟ එකඟ නොවන්නේ නම්, විවෘත කර ඇති මෘදුකාංග හෝ ක්‍රීඩා පැකේජ ආපසු භාර දීමේ කාල පරිච්ඡේදය තුළ ආපසු භාර දිය යුතුය, නමුත් ඔබ කිසිඳු පිටපතක් සාදන්නේ හෝ භාවිතා කරන්නේ නැතිනම් පමණි.

සමහර අයිතම ආපසු භාර දීම සඳහා සුදුසුකම් නෙලබයි; වෙනත් ආකාරයකින් නීතිය මගින් හෝ විශේෂිත නිෂ්පාදන පිරිනැමීමකින් සපයා නොමැති නම්, මෙම වර්ගයන්ගේ නිෂ්පාදනවල සියළුම මිලදී ගැනීම් අවසන් සහ ආපසු ගෙවිය නොහැකි ඒවාවේ:

ඩිජිටල් යෙදුම්, ක්‍රීඩා, යෙදුම්-තුල අන්තර්ගතය සහදායකත්ව, සංගීතය, චිත්‍රපට, TV වැඩසටහන්, සහ ආශ්‍රිත අන්තර්ගතය;

තිළිණ කාඩ්පත් සහ සේවා/දායකත්ව කාඩ්පත් (උදා, Skype, Xbox Live, Groove Music Pass);

පෞද්ගලීකරණය කළ හෝ අභිමතකරණය කර ඇති නිෂ්පාදන;

ගබඩා ප්‍රවර්ධන පිරිනැමීමක කොටසක් නොවේ නම්, විශේෂ ඇනවුම් නිෂ්පාදන;

සසම්භාවී ප්‍රවේශ මතකය ("RAM") නිෂ්පාදන;

ඉටුකර ඇති හෝ පරිභෝජනය කර ඇති සේවා; සහ

තොග අවසන් කිරීමේ අයිතම හෝ "අවසන් සේල්" හෝ "ආපසු භාර නොගන්නා" වැනි හැඳින්වීමක් සළකුණු කර ඇති ඒවා.

ඔබ සුදුසුකම් ලබන ආපසු භාර දීමක් කරන විට, මුල් ප්‍රවාහන සහ හැසිරවීමේ ගාස්තු (තිබේ නම්), අපි සම්පූර්ණ ප්‍රමාණයම බැර කරන අතර, සාමාන්‍යයෙන් ඔබට ඔබගේ ආපසු ගෙවීම දල වශයෙන් ව්‍යාපාරික දින 3-5 කදී ලැබෙනු ඇත. ඕනෑම ආපසු ගෙවීමක් එම ගිණුමටම, සහ ඇනවුම කිරීමට භාවිතා කළ ගෙවීම් ක්‍රමයම භාවිතා කරමින් (ආපසු ගෙවීම් ප්‍රමාණයට ඔබ ගබඩා ලකුණු තෝරා නොගන්නේ නම්) අදාල වනු ඇත.

සුදුසුකම් ලත් නිෂ්පාදන ආපසු භාර දෙන ආකාරය පිළිබඳ සම්පූර්ණ විස්තර සඳහා, අපගේ ආපසු භාර ගැනීම් සහ ආපසු ගෙවීම් පිටුව බලන්න https://go.microsoft.com/fwlink/p/?linkid=723276&clcid=0x045b.

ඔබ තායිවානයේ ජීවත් වන්නේ නම්, තායිවානයේ පාරිභෝගික ආරක්ෂණ පනත හා එහි අදාල රෙගුලාසි වලට අදාලව, ස්පර්ශ කර නොහැකි ආකාරයෙන් සපයා ඇති ඩිජිටල් අන්තර්ගතය සහ/හෝ මාර්ගගත සේවා, එවැනි අන්තර්ගතය හෝ සේවාව මාර්ගගතව සපයා ඇති විට පවතින සියළුම මිලදී ගැනීම් අවසන් සහ ආපසු නොගෙවිය හැකි ඒවා බව කරුණාකර සටහන් කරගන්න. ඔබ යම් පාවිච්චි කර බැලීමේ කාලයක් හෝ යම් ආපසු ගෙවීමක් ඉල්ලා සිටීමට සුදුසුකම් නොලබයි.

17. ඔබටගෙවීම්.අපි ඔබට ගෙවිමක් කළයුතු නම්, ඔබට එම ගෙවීම කිරීමට අපට ලබාගැනීමට අවශ්‍ය ඕනෑම තොරතුරක් කාලීනව සහ නිවැරදිව අපට සැපයීමට ඔබ එකඟ වේ. ඔබට මෙම ගෙවීමේ ප්‍රතිඵලයක් ලෙස ඔබෙන් අයවිය හැකි බදු හෝ ගාස්තු ඕනෑම එකක් සඳහා ඔබ වගකිවයුතු වේ. අදාල නීතිය මගින් අවසර දෙන ප්‍රමාණයට, අපි ඕනෑම ගෙවීමක් ලැබීමට ඔබේ අයිතියට තබන වෙනත් ඕනෑම කොන්දේසියක් සමඟද ඔබ එකඟ විය යුතුය. වැරදීමකින් ඔබට ගෙවීමක් ලැබුනහොත්, අපි එම ගෙවීම ආපසු ගනිමු හෝ ආපසු බාර දෙන ලෙස ඉල්ලමු. එය සිදුකිරීමේ අපගේ උත්සාහයන්ට අප සමඟ එක්වීමට ඔබ එකඟ වේ. ඕනෑම පෙර වැඩිපුර ගෙවීමක් නිවරදි කිරීමට අපි ඔබට ගෙවීමක් දැනුම්දීමකින් තොරව අඩු කළ හැකිය.

18. තිළිණ කාඩ්පත්. Microsoft සිල්ලර ගබඩාවකින් මිලදී ගත් තිළිණ කාඩ්පත් https://www.microsoftstore.com/store/msusa/html/pbPage.Help_Retail_Stores#GiftCardsහි ඇති තිළිණ කාඩ්පත් ගිවිසුම මගින් පාලනය කෙරේ.

Skype තිළිණ කාඩ්පත් පිළිබඳ තොරතුරු Skype උදව් පිටුව (https://support.skype.com/en/faq/FA12197/what-is-a-skype-gift-card-and-where-can-i-buy-one) මත ලද හැකිය.

අනෙකුත් Microsoft තිළිණ කාඩ්පත් මුදාහැරීම සහ භාවිතය Microsoft තිලිණ කාඩ්පත් නියමයන් සහ කොන්දේසි (https://commerce.microsoft.com/PaymentHub/Help/Show/toc_link_no_62) මගින් පාලනය කෙරේ.

19. පාරිභෝගික සේවාව. පාරිභෝගික සේවා විකල්ප පිළිබඳ වැඩිදුර තොරතුරු https://go.microsoft.com/fwlink/p/?linkid=824761&clcid=0x045b සඳහා කරුණාකර අපගේ විකුණුම් සහ සහාය පිටුව වෙත යන්න.

පොදුනියමයන්

20. නියමයන් වෙනස් කිරීම. Microsoft විසින් ඕනෑම වේලාවක සහ ඔබට දැනුම්දීමකින් තොරව විකුණුම් නියමයන් වෙනස් කළ හැකිය. ඔබ ඔබගේ ඇනවුම තබන වේලාවේ බලපැවැත්වෙන විකුණුම් නියම ඔබගේ මිලදී ගැනීම පාලනය කෙරෙනු ඇත සහ අප අතර මිලදී ගැනීමේ ගිවිසුම ලෙස සේවය සලසනු ඇත. ඔබගේ ඊළඟ මිලදී ගැනීමට පෙර, Microsoft විසින් ඔබට දැනුම්දිමකින් තොරව විකුණුම් නියමයන් වෙනස්කර තිබිය හැක. කරුණාකර ඔබ ගබඩාව වෙත පිවිසන එක් එක් වේලාවේදී විකුණුම් නියමයන් සමාලෝචනය කරන්න. ඔබ මිලදී ගැනීමක් සිදුකරන විට අනාගත පරිශීලනය සඳහා විකුණුම් නියමයන්ගේ පිටපතක් ඔබ විසින් සුරැකීම හෝ මුද්‍රණය කිරීම අපි නිර්දේශ කරමු.

21. වයස සීමා. මිලදී ගැනීම් ඇතුළුව, ඔබගේ ගබඩාව පරිහරනයට වයස් සීමා අදාල විය හැක.

22. පුද්ගලික තොරතුරුවල රහස්‍යතාව සහ ආරක්ෂාව. ඔබගේ රහස්‍යතාව අපට වැදගත් වේ. අපි ඔබගෙන් එකතු කරගන්නා සමහර තොරතුරු අපි මෙහෙයුම් කිරීමට සහ ගබඩාවට සැපයීමට භාවිතා කරමු. එමගින් අපි ඔබගෙන් සහ ඔබගේ උපාංග ("දත්ත") වලින් එකතු කරගන්නා දත්ත වර්ග සහ අපි ඔබගේ දත්ත භාවිතා කරන ආකාරය විස්තර කරන බැවින් කරුණාකර Microsoft රහස්‍යතා ප්‍රකාශය කියවන්න. රහස්‍යතා ප්‍රකාශය අනෙක් අය සමඟ ඔබගේ සන්නිවේදනයන්; ඔබ විසින් ගබඩාව මගින් Microsoft වෙත ඉදිරිපත් කළ පළ කිරීම් හෝ ප්‍රතිපෝෂණ; සහ ඔබ ඔබගේ උපාංගවල හෝ ගබඩාව ඔස්සේ උඩුගත කරන, ගබඩා කරන හෝ ගොනු, ඡායාරූප, ලේඛණ, ශ්‍රව්‍ය, ඩිජිටල් වැඩ, සහ වීඩියෝ ("ඔබගේ අන්තර්ගතය") Microsoft විසින් භාවිතා කරන ආකාරයද විස්තර කරයි. ගබඩාව භාවිතා කිරීමෙන්, රහස්‍යතා ප්‍රකාශයේ විස්තර කර ඇති පරිදි ඔබගේ අන්තර්ගතය සහ දත්ත Microsoft විසින් එකතු කිරීම, භාවිතය සහ අනාවරණයට ඔබ ප්‍රකාශිතව එකඟ වේ.

23. නිෂ්පාදනය ප්‍රදර්ශනය සහ වර්ණ. නිෂ්පාදන වර්ණ සහ පින්තූර නිවැරදිව දර්ශනය කිරීමට Microsoft උත්සාහ දරන නමුත් ඔබ ඔබගේ උපාංගයේ තිරය හෝ මොනිටරය මත ඔබ දකින වර්ණය නිෂ්පාදනයේ වර්ණයට නිසැකවම ගැළපෙන බවට සහතික කිරීමට අපට නොහැක.

24. ගබඩා ඉදිරිපත් කිරීම්වල දෝෂ. අපි තොරතුරු නිවැරදිව පළ කිරීමට, ගබඩාව නිරන්තරයෙන් යාවත්කාලීන කිරීමට, සහ දෝෂ සොයාගත්විට නිවැරදි කිරීමට මහන්සි වී වැඩ කරමු. කෙසේ වුවත්, දී ඇති ඕනෑම වේලාවක ගබඩාවේ ඇති අන්තර්ගතයන්ගෙන් කිසිවක් වැරදි හෝ කල් ඉකුත්වූ විය හැකිය. ඕනෑම වේලාවක නිෂ්පාදනවල මිල ගණන්, විශේෂාංග, පිරිනැමීම් සහ ලද හැකියාව ඇතුළුව ගබඩාවට වෙනස්කම් කිරීමට ඇති අයිතිය අපි තබාගන්නෙමු.

25. භාවිතය හෝ ප්‍රවේශය අවසන් කිරීම. ඔබ මෙම විකුණුම් නියමයන් හෝ ගබඩා ප්‍රතිපත්ති කඩකිරීමකදී, හෝ ගබඩාව තවදුරටත් Microsoft විසින් මෙහෙයවනු නොලබන විටෙක ඇතුළුව, සීමාකිරීමක් රහිතව ඕනෑම හේතුවකට Microsoft විසින් ඔබගේ ගිණුම හෝ ගබඩාව භාවිතය අවසන් කළ හැකිය. ගබඩාව භාවිතා කිරීමෙන්, එවැනි අවසන් කිරීමකට පෙර ඔබ සිදුකරන කුමන හෝ ඇනවුම් හෝ ඔබට සිදුවන අයකිරීම් වලට වගකීමට (මෙම නියමයන්ට අනුකූලව) ඔබ එකඟ වේ. ඕනෑම වේලාවක, ඕනෑම හේතුවකට, සහ ඔබට පෙර දැනුම්දීමක් රහිතව Microsoft විසින් ගබඩාව වෙනස් කිරීම, අවසන් කිරීම, හෝ වෙනත් ආකාරයකින් අත්හිටුවීම කළ හැකිය.

26. වගකීම් සහ පිළියම් සීමා කිරීම. ඔබගේ දේශීය නිතිය මගින් ඉඩදෙන ප්‍රමාණයට, MICROSOFT සහ එහි සැපයුම්කරුවන්, බෙදාහරින්නන්, සිල්ලර විකුණුම්කරුවන්, සහ අන්තර්ගත සපයන්නන් විකිණිය හැකි බව, සතුටුදායක ගුණාත්වය, විශේෂිත කටයුත්තක් සඳහා යෝග්‍යතාවය, සේවකයකු වැනි ප්‍රයත්නය, ශීර්ෂය, හෝ ප්‍රකාශිත හෝ උල්ලංඝණය-නොකිරීම ඇතුළුව ව්‍යංග වගකීම්, සහතික, හෝ කොන්දේසි සකස් නොකරයි. සම්පූර්නයෙන්ම, ගබඩාවේ විකුණන හෝ ලද හැකි නිෂ්පාදන හෝ සේවා වගකීම් සහිත නම්, ඒවා සමඟ ඇති බලපත්‍ර ගිවිසුම් කිසිවක් හෝ නිෂ්පාදකයාගේ වගකීම් යටතේ පමණි. සමඟ පැමිණෙන බලපත්‍ර ගිවිසුමක් යටතේ හෝ නිෂ්පාදකයාගේ වගකීම සපයා ඇති විට සහ ඔබගේ ව්‍යවස්ථාපිත අයිතීන්ට අදාලව හැර:

ඔබගේ මිලදී ගැනීම සහ භාවිතයේ අවදානම ඔබ සතුය;

අපි "පවත්නා තත්වයෙන්," "සියලු දෝෂ සමඟ," සහ "ලද හැකි ලෙස" නිෂ්පාදන සහ සේවා සපයන්නෙමු;

ඔබ අවදානම ඒවායේ ගුණාත්වය සහ කාර්ය සාධනයට අනුව උපකල්පනය කරයි; සහ

ඔබ සියලු අත්‍යාවශ්‍ය සේවා කිරීම් හෝ අලුත්වැඩියා කිරීම්වල මුළු වියදම උපකල්පනය කරයි.

ගබඩාව හෝ සේවා වෙතින් ලද හැකි තොරතුරුවල නිරවද්‍යතාව හෝ කාලරේඛා MICROSOFT සහතික නොකරයි. පරිගණකය සහ සන්නිවේදන පද්ධති දෝෂ-රහිත නොවන බව සහ කලාතුරකින් අක්‍රීය කාල ඇතිවන බව ඔබ තේරුම් ගනී. ගබඩාවට හෝ සේවාවන්ට ප්‍රවේශය බාධා රහිත, කාලීන, ආරක්ෂිත, හෝ දෝෂ රහිත, හෝ අන්තර්ගත අහිමිවීම් සිදු නොවන බවට අපි වග නොකියමු.

මෙමවිකුණුම්නියමයන්තිබියදීත්, ගබඩාව, සේවාහෝපිරිනැමූයම්නිෂ්පාදනයක්හෝසේවාවක්මගින්පැනනගිනහෝඒවාටඅදාලවනහානිනැවතලබාගැනීමේපදනමක්ඔබටතිබේනම්, අදාලනීතියමගින්ඉඩදෙනප්‍රමාණයට, ඔබගේකේවලපිළියමවනුයේ Microsoft හෝඑහිසැපයුම්කරුවන්, සිල්ලරවිකුණුම්කරුවන්, බෙදාහරින්නන්, සහඅන්තර්ගතසපයන්නන්වෙතින්සෘජුමුළුහානි (1) ඕනෑමසේවාවක, දායකත්වයක, මාසයක්සඳහාමිලහෝගාස්තුව (දෘඩාංග, මෘදුකාංග, සහාය, හෝදීර්ඝකළවගකීම්සඳහාමිලදීගැනීමේමිලඇතුලත්නොවී) හෝසමානගාස්තුවක්, හෝ (2) සේවා, දායකත්වහෝසමානගාස්තුවක්නොතිබූවිටඑ.ජ. ඩොලර් 100.00 ක්නැවතලබාගැනීමයි.

ඔබගේ දේශීය නීතිය යටතේ ඔබට එවැනි අයිතීන් තිබිය හැක. ඒවා අදාල වන්නේ නම්, මෙම ගිවිසුමේ ඇති කිසිවක් එම අයිතීන්ට බලපෑමට ලෙස සලකා නැත.

නවසීලන්තයේජීවත්වනපාරිභෝගිකයන්ට, නවසිලන්තපාරිභෝගිකවගකීම්පනතයටතේඔබටව්‍යවස්ථාපිතඅයිතීන්තිබෙනුඇතිඅතර, මෙමසේවානියමයන්ගේඇතිකිසිවක්එමඅයිතීන්ටබලපෑමටසලකානැත.

27. වගකීම සීමාකිරීම. අදාල නීතිය මගින් ඉඩ දී ඇති ප්‍රමාණයට, ඔබට ආනුෂාංගීය, විශේෂ, සෘජු නොවන, අනියම්, හෝ දඬුවම් ලැබිය හැකි හානි, හෝ නැතිවූ ලාභ ඇතුළු වෙනත් කිසිඳු හානි හෝ අලාභ නැවත ලබාගැනීමට නොහැකි බවට ඔබ එකඟ වේ. 26 සහ 27 කොටස්වල ඇති සීමා කිරීම් සහ බැහැර කිරීම් ඔබ හානි සිදුකරගන්නේ සහ හානි සිදුවිය හැකියාව පිළිබඳ අපි දැන සිටියානම් හෝ දැන සිටීය යුතුව තිබුණානම් වත් අදාල වන්නේය. සමහර ජනපද හෝ පළාත්/දේශයන් අනියම් හෝ ආනුෂංගීය හානි බැහැර කිරීමට හෝ සීමා කිරීමට ඉඩ නොදේ, එවිට ඉහත සීමාකිරීම හෝ බැහැර කිරීම ඔබට අදාල නොවිය හැක.

අදාල නිතිය මගින් ඉඩ දෙන උපරිම ප්‍රමාණයට, මෙම සීමා කිරීම් හෝ බැහැර කිරීම් සියලු හිමිකම් කියාපෑම් වලට, ඕනෑම නෛතික සිද්ධාන්තයක් යටතේ, ගබඩාවට, සේවාවන්ට, මෙම විකුණුම් නියම, හෝ පිරිනැමෙන ඕනෑම නිෂ්පාදනයක් හෝ සේවාවකට අදාලව, අන්තර්ගතය අහිමිවීමක්, ඔබගේ ගබඩාව හෝ සේවා හෝ ගබඩාවෙන් අයත් කරගත් ඕනෑම නිෂ්පාදනයක් හෝ සේවාවකට බලපාන වෛරසයක් හෝ අනිෂ්ට මෘදුකාංගයක්; සහ සම්ප්‍රේෂණ හෝ ගනුදෙනු ආරම්භ කිරීම හෝ සම්පූර්ණ කිරීමේ ප්‍රමාද හෝ නොහැකියාවන්ට අදාල වේ.

28. මෙමනියමයන්අර්ථගැන්වීම.මෙම විකුණුම් නියමයන්හි සියළුම කොටස් අදාල නීතිය මගින් ඉඩ දෙන උපරිම ප්‍රමාණයට අදාල වේ; ඔබට ඔබ පදිංචි අධිකරණ බල ප්‍රදේශය තුළ (හෝ, ව්‍යාපාරයක් නම්, ඔබගේ ප්‍රධාන ව්‍යාපාර ස්ථානය) වඩා වැඩි අයිතීන් හිමිව තිබිය හැක. අපට මෙම විකුණුම් නියමයන්ගේ කොටසක් ලියවී ඇති පරිදි බලාත්මක කිරීමට නොහැකි බව තීරණය කළහොත්, අදාල නීතිය යටතේ බලාත්මක කළ හැකි ප්‍රමාණයට අපි එම නියමයන් සමාන නියමයන් මගින් ප්‍රතිස්ථාපනය කරමු, නමුත් මෙම විකුණුම් නියමයන්ගේ ඉතිරිය වෙනස් නොකෙරෙනු ඇත. මෙම විකුණුම් නියමයන් ඔබගේ සහ අපගේ පරම ප්‍රතිලාභය සඳහාය; ඒවා Microsoft හි අනුප්‍රාප්තිකයන් සහ පැවරුම්ලාභීන් හැර වෙනත් පුද්ගලයන් සඳහා නොවේ. ඔබ අනෙකුත් Microsoft වෙබ් අඩවි වෙතින් නිෂ්පාදන හෝ සේවා මිලදී ගන්නේ නම් අනෙකුත් නියමයන් අදාල විය හැක.

29. පැවරුම්.අදාල නීතිය මගින් ඉඩ දෙන ප්‍රමාණයට, ඕනෑම වේලාවක ඔබට දැනුම්දීමෙන් තොරව මෙම විකුණුම් නියමයන් යටතේ අපගේ අයිතීන් සහ බැඳීම් සම්පූර්ණයෙන්ම හෝ කොටසක්, අප විසින් පැවරීම, මාරු කිරීම හෝ වෙනත් ආකාරයකින් බැහැර කිරීම කළ හැකිය. ඔබ විසින් මෙම විකුණුම් නියමයන් යටතේ ඇති අයිතීන් කිසිවක් පැවරීම හෝ මාරු කිරීම නොකළ යුතුය.

30. දැන්වීම්සහසන්නිවේදනය.පාරිභෝගික සහායක විමසීම් සඳහා, කරුණාකර ගබඩාවේ ඇති විකුණුම් සහ සහාය පිටුව බලන්න. ආරවුල් සඳහා, මෙම කොටසේ ඇති දැන්වීම් ක්‍රියා පිළිවෙත අනුගමනය කරන්න.

31. ගිවිසුම්ගතආයතනය, නීතියතෝරාගැනීමසහආරවුල්විසඳීමේස්ථානය.

a. එක්සත්ජනපදයසහකැනඩාවටපිටතින්පිහිටිඋතුරුහෝදකුණුඇමරිකාව.ඔබ ජීවත්වන්නේ (හෝ ව්‍යාපාරයක් නම්, ඔබගේ ප්‍රධාන ව්‍යාපාර ස්ථානය පිහිටියේ) එක්සත් ජනපදය සහ කැනඩාවෙන් පිටත උතුරු හෝ දකුණු ඇමරිකාවේ නම්, ඔබ ගිවිසුම්ගත වන්නේ Microsoft Corporation, One Microsoft Way, Redmond, WA 98052, U.S.A සමඟය. වොෂිංටන් ප්‍රාන්ත නීතිය නීති ප්‍රතිපත්ති තෝරාගැනීම සැළකීමෙන් තොරව මෙම විකුණුම් නියමයන් හි අර්ථ නිරූපණය පාලනය කරන අතර ඒවා උල්ලංඝනයට හිමිකම් කියයි. අපි ගබඩාව සහසේවා යොමුකරන රටෙහි නීතීන් අනෙකුත් සියලු හිමිකම් (පාරිභෝගික ආරක්ෂාව, සාධාරණ නොවන තරඟය, සහ වගකීම් සහතික හිමිකම් ඇතුළු) පාලනය කරයි.

b. මැදපෙරදිගහෝඅප්‍රිකාව.ඔබ ජීවත්වන්නේ (හෝ ව්‍යාපාරයක් නම්, ඔබගේ ප්‍රධාන ව්‍යාපාර ස්ථානය පිහිටියේ) මැදපෙරදිග හෝ අප්‍රිකාවේ නම්, ඔබ ගිවිසුම්ගත වන්නේ Microsoft Ireland Operations Limited, The Atrium Building, Block B, Carmanhall Road, Sandyford Industrial Estate, Dublin 18, Ireland. සමඟය. අයර්ලන්තයේ නීතිය නීති ප්‍රතිපත්ති තෝරාගැනීමේ ගැටුම සැළකීමෙන් තොරව මෙම විකුණුම් නියමයන් හි අර්ථ නිරූපණය පාලනය කරන අතර ඒවා උල්ලංඝනයට හිමිකම් කියයි. අපි ගබඩාව සහ සේවා යොමුකරන රටෙහි නීතීන් අනෙකුත් සියලු හිමිකම් (පාරිභෝගික ආරක්ෂාව, සාධාරණ නොවන තරඟය, සහ වගකීම් සහතික හිමිකම් ඇතුළු) පාලනය කරයි. මෙම විකුණුම් නියමයන් හෝ ගබඩාව මගින් පැන නගින හෝ ඒවාට අදාල ආරවුල් සඳහා ඔබ සහ අප අවලංගු කළ නොහැකි ලෙස අයර්ලන්තයේ අධිකරණවල බාහිර අධිකරණ බල ප්‍රදේශය සහ පිහිටුමට එකඟ වේ.

c. පහතදක්වාඇතිරටවල්හැර, ආසියාවසහදකුණුපැසිෆික්. ඔබ ජීවත්වන්නේ (හෝ ව්‍යාපාරයක් නම්, ඔබගේ ප්‍රධාන ව්‍යාපාර ස්ථානය පිහිටියේ) ආසියාවේ (චීනය, ජපානය, කොරියානු සමූහාණ්ඩුව හෝ තායිවානය හැර) නම්, ඔබ 438B Alexandra Road, #04-09/12, Block B, Alexandra Technopark, Singapore, 119968 හි එහි ප්‍රධාන ව්‍යාපාරික ස්ථානය ඇති, සිංගප්පූරුවේ සහ හොංකොං හි ශාඛා සහිත, ඇ.එ.ජ හි නෙවාඩා ජනපදයේ නීති යටතේ සංවිධානය කර ඇති සංස්ථාවක් වන Microsoft Regional Sales Corporation සමග ගිවිසුම්ගත වේ. නීති ප්‍රතිපත්ති ගැටුම් සැලකීමෙන් තොරව වොෂිංටන් ප්‍රාන්ත නීතිය මෙම විකුණුම් නියමයන් සහ ඒවායේ උල්ලංඝණයට හිමිකම් පෑම් අර්ථ දැක්වීම පාලනය කරයි. අපි ගබඩාව යොමු කරන රටෙහි නීතීන් අනෙකුත් හිමිකම් (පාරිභෝගික ආරක්ෂාව, සාධාරණ නොවන තරඟය, සහ වගකීම් සහතික හිමිකම් ඇතුළු) පාලනය කරයි. ඒවායේ පැවතීම, වලංගුතාවය, හෝ පවාරණය පිළිබඳ ඕනෑම ප්‍රශ්ණයක් ඇතුළුව මෙම විකුණුම් නියමයන් හෝ ගබඩාව මගින් පැන නගින හෝ ඒවාට සම්බන්ධ ඕනෑම ආරවුලක්, මෙම වගන්තියට යොමුව දී සංස්ථාගත කිරීමට සිතෙන නීති වන සිංගප්පූරු අන්තර්ජාතික තීරකකරණ මධ්‍යස්ථානයේ (SIAC), තීරකකරණ නීතිවලට අනුකූලව සිංගප්පූරුවේ තීරකකරණය වෙත යොමු කෙරෙනු සහ අවසන් වශයෙන් එමගින් විසඳනු ඇත. විනිශ්චය සභාවට SIAC හි සභාපතිවරයා විසින් පත්කරන එක් තීරකවරයෙක් වන්නේය. තීරකකරණයේ භාෂාව ඉංග්‍රීසි භාෂාව වන්නේය. තීරකවරයාගේ තීරණය අවසානාත්මක විය යුතු වන අතර බන්ධනීය සහ අභියෝග කළ නොහැකි වේ, එය කවර රටක හෝ කලාපයක තීන්දුවක පදනම ලෙස භාවිත කළ යුත්තේය.

d. ජපානය. ඔබ ජීවත්වන්නේ (හෝ ව්‍යාපාරයක් නම්, ඔබගේ ප්‍රධාන ව්‍යාපාර ස්ථානය පිහිටියේ) ජපානයේ නම්, ඔබ ගිවිසුම්ගත වන්නේ Microsoft Japan Co., Ltd (MSKK), Shinagawa Grand Central Tower, 2-16-3 Konan Minato-ku, Tokyo 108-0075 සමඟය. ජපානයේ නීති මෙම විකුණුම් නියමයන් සහ ඒවායින් හෝ ඒවාට අදාලව මතුවන ගැටළු පාලනය කරයි.

e. කොරියානුසමූහාණ්ඩුව. ඔබ ජීවත්වන්නේ (හෝ ව්‍යාපාරයක් නම්, ඔබගේ ප්‍රධාන ව්‍යාපාර ස්ථානය පිහිටියේ) කොරියානු සමූහාණ්ඩුවේ නම්, ඔබ ගිවිසුම්ගත වන්නේ Microsoft Korea, Inc., 11th Floor, Tower A, K-Twin Tower, Jongro 1 gil 50, Jongro-gu, Seoul, Republic of Korea, 110-150 සමඟය. කොරියානු සමූහාණ්ඩුවේ නීති මෙම නියමයන් සහ ඒවායින් හෝ ගබඩාව මගින් හෝ ඒවාට අදාලව මතුවන ගැටළු පාලනය කරයි.

f. තායිවානය. ඔබ ජීවත්වන්නේ (හෝ ව්‍යාපාරයක් නම්, ඔබගේ ප්‍රධාන ව්‍යාපාර ස්ථානය පිහිටියේ) තායිවානයේ නම්, ඔබ ගිවිසුම්ගත වන්නේ Microsoft Taiwan Corporation, 18F, No. 68, Sec. 5, Zhongxiao E. Rd., Xinyi District, Taipei 11065, Taiwan සමඟය. තායිවානයේ නීති මෙම විකුණුම් නියමයන් සහ ඒවායින් හෝ ගබඩාවෙන් හෝ ඒවාට අදාලව මතුවන ගැටළු ඕනෑම එකක් පාලනය කරයි. Microsoft Taiwan Corporation පිළිබඳ වැඩිදුර විස්තර සඳහා, කරුණාකර චීන සමූහාණ්ඩුවේ ආර්ථික සබඳතා අමාත්‍යාංශය මගින් සපයන ලද වෙබ් අඩවිය බලන්න. (https://gcis.nat.gov.tw/main/index.jsp). තායිවාන් නීති මගින් ඉඩදී ඇති උපරිම ප්‍රමාණයට මෙම නියමයන් හෝ ගබඩාව මගින් පැන නගින හෝ මේවාට අදාල ආරවුල් කිසිවක් සම්බන්ධයෙන් පළමු අවස්ථාවේ අධිකරණ බල ප්‍රදේශය ලබාගැනීමේ අධිකරණය ලෙස තායිවානයේ තායිපේ දිස්ත්‍රික් අධිකරණය ඔබ සහ අප විසින් අවලංගු කළ නොහැකි ලෙස නියම කරමු.

32. දැන්වීම.

a. බුද්ධිමයදේපලඋල්ලංඝණයකිරීමේහිමිකම්කියාපෑම්සඳහාදැන්වීම්සහක්‍රියාපිළිවෙත්.Microsoft විසින් තෙවන පාර්ශවයන්ගේ බුද්ධිමය ‍දේපල අයිතීන්ට ගරු කරයි. කතු හිමිකම් උල්ලංඝණ හිමිකම් ඇතුළුව, බුද්ධිමය දේපල උල්ලංඝණ දැන්වීමක් යැවීමට ඔබ බලාපොරොත්තු වන්නේ නම්, කරුණාකර අපගේ උල්ලංඝණය කිරීම් සඳහා දැන්වීම් ඉදිරිපත් කිරීමේ ක්‍රියා පිළිවෙත් (http://approjects.co.za/?big=info/cpyrtInfrg.aspx) භාවිතා කරන්න. මෙම ක්‍රියා පිළිවෙතට අදාල නොවන සියලු විමසීම් වලට ප්‍රතිචාරයක් නොලැබෙනු ඇත.

කතු හිමිකම් උල්ලංඝන නිවේදනයකට ප්‍රතිචාර දැක්වීමට Microsoft විසින් ඇමරිකා එක්සත් ජනපද සංග්‍රහයේ වගන්තිය 512 කොටස, මාතෘකාව 17 හි සඳහන් කර ඇති ක්‍රියාවලිය භාවිතා කරයි. නැවත නැවතත් උල්ලංඝණය කිරීම් කළ හැකි Microsoft සේවාවල පරිශීලකයන්ගේ ගිණුම් සුදුසු අවස්ථාවල දී Microsoft විසින් අක්‍රීය කිරීම හෝ පවාරණය කිරීමද කළ හැකිය.

b. කතුහිමිකම්සහවෙළඳලකුණුදැන්වීම්.

ගබඩාවේ සහ සේවාවල සියලු අන්තර්ගතයන් හිමිකම ©2016 Microsoft Corporation සහ/හෝ එහි සැපයුම්කරුවන් සහ තෙවන පාර්ශවීය සපයන්නන්, One Microsoft Way, Redmond, WA 98052, USA. සියලු හිමිකම් ඇවිරිණි. අපි හෝ අපගේ සැපයුම්කරුවන් සහ අනෙකුත් තෙවන පාර්ශවීය සපයන්නන්ට ගබඩාවේ, සේවා සහ අන්තර්ගතයේ ශීර්ෂය, කතු හිමිකම සහ අනෙකුත් බුද්ධිමය දේපල අයිතීන් අයත්වේ. Microsoft සහ සියලු Microsoft නිෂ්පාදන සහ සේවාවන් වල නම්, ලාංඡන, සහ අයිකන එක්සත් ජනපදයේ, කැනඩාවේ සහ/හෝ අනෙක් රටවල්වල Microsoft හි වෙළඳ ලකුණු හෝ ලියාපදිංචි වෙළඳ ලකුණු විය හැක.

Microsoft වෙළඳ ලකුණු ලැයිස්තුවක් මෙහිදී හමුවිය හැකිය: http://approjects.co.za/?big=trademarks. සත්‍ය සමාගම්වල නම් සහ නිෂ්පාදන ඒවායේ අදාළ හිමිකරුවන්ගේ වෙළඳ ලකුණු විය හැක. මෙම විකුණුම් නියමයන්හි ප්‍රකාශිතව අවසරය ලබා නොදුන් අයිතීන් ඇවිරිණි.

33. ආරක්ෂණඅවවාදය.භව්‍ය තුවාල, අපහසුතාව හෝ අධික ලෙස ඇස් වෙහෙසීම වලක්වනු පිණිස, විශේෂයෙන්ම, භාවිතය නිසා ඔබට කිසියම් වේදනාවක් හෝ අධික තෙහෙට්ටුවක් දැනෙන්නේ නම්, ක්‍රීඩා හෝ අනෙක් යෙදුම්, භාවිතා කිරීමේ දී ඔබ විසින් කාලානුරූප විවේකය ගත යුතුය. ඔබට අපහසුතාවය දැනේ නම්, විවේකයක් ගන්න. ඔක්කාරය, වමනය, කරකැවිල්ල, මංමුළාව, හිසරදය, තෙහෙට්ටුව, අධික ලෙස ඇස් වෙහෙසීම, හෝ ඇස් වියලීම දැනීම ද අපහසුතාවයට අන්තර්ගත වේ. යෙදුම් භාවිතා කිරීම ඔබව වියවුල් සහගත කරනු ඇති අතර ඔබගේ වටපිටාව අවහිර කරනු ඇත. ගමන් උපද්‍රව, පඩිපෙල්, පහත් සීලිම් හෝ හානි විය හැකි බිඳෙන සුළු හෝ වටිනා අයිතම මගහරින්න. ජනතාව අතරින් ඉතා කුඩා ප්‍රතිශතයකට අයත් පුද්ගලයන් විමෝචක ආලෝකය සහිත වැනි නිශ්චිත දෘශ්‍ය රූප හෝ රටා දැකීමෙන් හෝ ඊට නිරාවරණය වීමෙන් අපස්මාරය අත්දැකීමට ඉඩ ඇත. අපස්මාරය සහිත ඉතිහාසයක් නැති පුද්ගලයන් පවා, මෙම අපස්මාර තත්ත්වය පහළවීම සහිත රෝගනිශ්චය නොකළ තත්ත්වයකට බඳුන් වීමට හැකියාව ඇත. රෝග ලක්ෂණවලට ඇතුළත් විය හැකි වන්නේ, හිසේ බර ගතිය, වෙනස් වූ දෘෂ්ඨිය, මස් පිඩු හැකිලීම, ඇදීම හෝ සෙලවීම, අන්දමන්ද ගතිය, ව්‍යාකූලත්වය, ඒකාග්‍රතාව රහිත වීම හෝ වලිප්පුව ආදියයි. ඔබට මෙම රෝග ලක්ෂණවලින් කිසිවක් ඇත්නම් වහාම භාවිතය නතර කරන්නථ නැවත භාවියට පෙරාතුව වෛද්‍යවරයෙකුගේ උපදසේ ලබා ගන්න, ඔබ කිසිදාක අපස්මාරය වැන් රෝගයකින් පීඩා වින්දේ නම් භාවිතයට පෙරාතුව වෛද්‍යවරයෙකුගේ උපදෙස් ලබා ගන්. රෝග ලක්ෂණ පහළ වීමේ අවස්ථාවලදී දරුවන්ගේ භාවිතය සම්බන්ධයෙන් දෙමාපියන් විසින් සුදුසු අධීක්ෂණය දැරිය යුතුය.